ලොව ප්‍රථම රෝස පන්දුවේ දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් අද ඇරඹේ

වසර 138 ක්‌ පැරණි ලෝක ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ඉතිහාසයේ තවත් සුවිශේෂී කඩ ඉමක් අද (27) උදාවේ

ඒ රතු පැහැති පන්දුව වෙනුවට රෝස පැහැති පන්දුවක්‌ යොදා ගනිමින් පැවැත්වෙන පළමු දිවා රාත්‍රී ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගය ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ඇඩිලේඩ් හි පිහිටි ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමත් සමඟයි

එසේම ලෝක ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ඉතිහාසයේ පැවැත්වෙන 2188 වැනි ටෙස්‌ට්‌ තරගය සාම්ප්‍රදායික වෙනස්‌කමකින් යුක්‌තව දිවා රාත්‍රී පස්‌දින ටෙස්‌ට්‌ තරගයක්‌ ලෙස පැවැත්වීමද විශේෂත්වයකි.

ඕස්ට්‍රේලියානු වේලාවෙන් ප.ව. 2.00 ට ආරම්භ වන මෙම තරගය දිවා ආහාරය සහ තේ පානයද සම්ප්‍රදායකව වෙනස්‌වීම තවත් විශේෂත්වයකි.

2009 වසරේදී එම්.සී.සී. ක්‍රිකට්‌ කමිටුව විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනූව වසර හයකට පසුව දිවා රාත්‍රී ටෙස්‌ට්‌ තරගයක්‌ සඳහා අවස්‌ථාව උදාවිය.

මෙම සුවිශේෂී අවස්‌ථාවක්‌ සනිටුහන් වන දිවා රාත්‍රී ටෙස්‌ට්‌ තරගය සඳහා 40,000 ක ප්‍රේක්‍ෂක සංඛ්‍යාවක්‌ ඊයේ දහවල් වන විටත් ප්‍රවේශපත්‍ර මිලදී අවසන් අතර එය ඔස්‌ටේ්‍රලියාව සහ නවසීලන්තය අතර පැවැති අවසන් ටෙස්‌ට්‌ තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂක සංඛ්‍යාවට වඩා දෙගුණයක වැඩිවීමකි.

ලොව පළමු දිවා රාත්‍රී ටෙස්‌ට්‌ තරගය ක්‍රීඩා කරන නවසීලන්ත සහ ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායම්

ඕස්ට්‍රේලියානු පිල

ජෝ බෲන්ස්‌, ඩේවිඩ් වෝනර්, ස්‌ටීවන් ස්‌මිත් (නායක), ඇඩම් වෝග්ස්‌, ෂෝන් මාර්ෂ්, මිචෙල් මාර්ෂ්, පීටර් නෙවිල්, මිචෙල් ස්‌ට්‍රැක්‌, පීටර් සිඩ්ලි, ජෝස්‌ හස්‌ලවුඩ්, නෙදන් ලයන්

නවසීලන්ත පිල

මාටින් ගප්ටිල්, ටොම් ලෙතම්, කෙන් විලියම්සන්, රොස්‌ ටේලර්, බ්‍රෙන්ඩන් මැකලම් (නායක), බී.ඡේ. වොට්‌ලින්ග්, මිචෙල් සැට්‌නර්, ක්‍රෙග් බ්‍රේස්‌වෙල්, මැට්‌ හැන්රි හෝ නීල් වොග්නර්, ටිම් සවුති, ටේ්‍රන්ඩ් බෝල්ට්‌

Related posts

Comments are closed.

Top