මඩකලපුවේ ඔට්ටමාවඩි හිදී වෙඩි තැබීමෙන් එක්සත් ජාතික පක්ෂයේ ආධාර කරුවකු මිය ගොස් ඇති බව මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV) ප්‍රකාශ කරයි.
ප්‍රදේශවාසීන් පවසන පරිදි මියගොස් ඇත්තේ එජාප අපේක්ෂක අමීර් අලිගේ ආධාර කරුවකු වන හුදා මුස්ලිම් දේවස්ථානය අසලදී වෙඩි තබනු ලැබූ එම් අමීන්.
මියගිය තැනැත්තා සෙනසුරාදා දිවා කාලයේ යතුරු පැදියකින් ගමන් ගනිමින් සිටියදී වෙඩි පහරට ලක්වුණු බව පරීක්ෂණ පවත්වන මඩකලපු පොලිසිය පවසයි.
2015 මහා මැතිවරණ ව්‍යාපාරය තුලදී මේ වනවිට් සිව් දෙනකු ඝාතනයට ලක්වී තිබේ.