ශ්‍රී ලංකාවට මුහුණ දෙන නවසීලන්ත ක්‍රිකට් පිල නම් කරයි

නවසීලන්ත ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 12 දෙනෙකුගෙන් යුත් නවසීලන්ත කණ්ඩායම නම් කළේය.

කණ්ඩායමේ නායකත්වය බ්‍රෙන්ඩන් මැකලම් වෙත පැවරී ඇති අතර පසුගිය තරගවලිවල දස්කම් දැක්වීමට අපොහොසත් වූ පළපුරුදු ක්‍රීඩකයන් වන මාටින් ගප්ටිල් සහ මාක් කේ‍්‍රග් තවදුරටත් නවසීලන්ත පිළට ඇතුළත් කර තිබීම විශේෂයි.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරඟය දෙසැම්බර් 10 වන දා ඩනෙඞීන් හිදී ආරම්භවීමට නියමිතයි.

ඊට පෙර ශ්‍රී ලංකා පිළ නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාගේ පිළ අතර ලබන බ්‍රහස්පතින්දා ක්වීන්ස්ටවුන් හිදී ආරම්භ වන තුන්දින පෙරහුරු තරගයට එක්වනු ඇත.

Related posts

Comments are closed.

Top