ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා සංචාරක ව්‍යාපාරයේ – BBC

සන්නද්ධ හමුදා විසින් ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යනු ලබන සංචාරක කටයුතු ඇතුළු වෙළෙඳ ව්‍යාපාර කිහිපයක් පිළිබඳ තොරතුරු බීබීසීයට හෙළි වී තිබේ.

ඒ අතර ප්‍රධාන සංචාරක හෝටලයක් වන කන්කසන්තුරේ පිහිටි ‘තල්සෙවන’ සුඛෝපභෝගී සංචාරක නිකේතනය සහ හමුදා කඳවුර ඉදිකර ඇත්තේ යුද සමය තුල දෙමළ ජනතාව ගෙන් අත්පත් කරගන්නා ලද භුමිය තුල බව දිල්ලි නුවර මුලස්ථාන කොටගත් බීබීසීයේ දකුණු ආසියානු  වාර්තාකාර  ජස්ටින් රෝලට් (Justin Rowlatt) පවසයි.

 

දිවයිනට පැමිණි ඔහුට උතුරේ ටකරන් තහඩු ගැසූ පැල්පතක දී මුණගැසුණු ජුලියස් සෙල්වකුමාර් මාතාව පවසා ඇත්තේ රජයේ සන්නද්ධ සේනා විසින් ‘තල්සෙවන’ දැන් පිහිටි වෙරළබඩ භූමියෙන් තමන් පලවා හරින ලද බවයි.

ඇය ඇතුළු පවුල් 58 ක ජනකායකට  දැන් දිවි ගෙවන්නට බල කෙරී ඇත්තේ  හෝටලයෙන් සැතපුම් කීපයක් එපිටින් ඇති මුඩුක්කුවකය.

අපායක්

ජුලියස් සෙල්වකුමාර්

ජුලියස් සෙල්වකුමාර්

“අපිට මේ මුඩුක්කුවේ ජීවත් වෙන්න වෙලා තියෙන්නේ අනාථයෝ වගේ. මේක අපායක්. මට දරුවෝ හදා වඩා ගන්න වුනෙත් මෙතන,” ඇය පවසා ඇත.

200ක පමණ ඇය ඇතුළු පිරිසක  පාවිච්චියට ඇත්තේ වතුර පයිප්ප දෙකක් සහ පොදු වැසිකිළි කීපයක් බව බීබීසී වාර්තාකරු පවසයි.

කෙසේ වෙතත්, යුද හමුදාව පවසා ඇත්තේ හෝටලය හදන විට ඉඩම හිස්ව තිබුණු බවයි. යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර බීබීසීයට කියා තිබෙන පරිදි හෝටලය  “හමුදාව විසින් හමුදා නිලධාරීන් සඳහා කළ සුභසාධන ව්‍යාපෘතියකි”.

‘නොමනා සුවයක්’

මුලතිව්හි නන්දිකඩාල් කලපුව සමීපයේ යුද හමුදාව විසින්  ඉදි කොට ඇති ‘ලැගුන්ස් එජ්’ හෝටලය වෙන් කොට ඇත්තේ උසස් හමුදා නිලධාරීන් වෙනුවෙනි.

‘ලැගුන්ස් එජ්’ හෝටලය 2012 නොවැම්බරයේ විවෘත කළ දා

‘ලැගුන්ස් එජ්’ හෝටලය 2012 නොවැම්බරයේ විවෘත කළ දා

ශ්‍රී ලංකාවේ ලේ වැකි සිවිල් යුද්ධයේ දහස් සංඛ්‍යාත දෙමළ වැසියන් සහ සොල්දාදුවන් මියගිය ජල තීරය දෙස බලාගෙන මධු විතක් තොල ගෑමේ නොමනා සුවය මෙහිදී සලසා දෙනු ලබන බව ජස්ටින් රෝලට් පවසයි.

දකුණේ සිට උතුර දක්වා දිවෙන A9 මග දෙපස ඇති හමුදා පාලිත අවන්හල් ගණනාවක්ද දැක ඇති බීබීසී Air Travel company smallවාර්තාකරුවා, ශ්‍රී ලංකා යුද  හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන  ‘එයා ට්‍රැවල් සර්විසස්’ නම් පුද්ගලික සංචාරක සමාගමක් ද  හඳුන්වා දෙයි.

‘උතුරේත්, නැගෙනහිරේත් ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු, ශ්‍රී ලංකා යුද හමුදාව විසින්  ක්‍රියාත්මක වන  ‘අලුත්ම විෂය පථය’ ලෙසින් තම ව්‍යාපාරය පිලිබඳ පුරසාරමක් සමාගමේ වෙබ් අඩවියේ ඇති අයුරු ඔහු වාර්තා කොට ඇත.

මීට අමතරව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පවත්වාගෙන යන මුහුදු ගොස් තල්මසුන් නැරඹීමේ ව්‍යාපාරයක් ගැනද බීබීසී වාර්තාවේ එයි.

අපූරු දේශගුණයක්, මිත්‍රශීලි ජනතාව, රසපිරි කෑම සහ සුන්දර වෙරල තීරයෙන් යුත් ශ්‍රී ලංකාවේ ඇතැම් සංචාරක නිකේතන අන්ධකාර රහස් සඟවා ගෙන සිටින බව ජස්ටින් රෝලට් සිය වාර්තාවේ සඳහන් කරයි.

Related posts

Comments are closed.

Top