විශ්ව ප්‍රනාන්දු ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට

vishwa fernando

ටෙස්ට් වරම් නොලද වමත් වේග පන්දු යවන්නකු වන විශ්ව ප්‍රනාන්දු නැවත ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතයට කැඳවා තිබේ.

ඒ නවසීලන්ත සභාපතිවරයාගේ කණ්ඩායම සමඟ පසුගියදා පැවැති නිල නොවන තරගය අතරතුර පිටකොන්දේ ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් වෙනුවටයි.

විශ්ව ප්‍රනාන්දු පසුගියදා ශ්‍රී ලංකාවේදී නිමා වූ ඉන්දියාව සමඟ පැවැති ටෙස්ට් තරගාවලියේදී සහ 2014 වසරේ බංග්ලාදේශය සමඟ පැවැති තරගාවලියේදී ද සංචිතයට ඇතුළත්වී සිටියද එහිදී ඔහුට තම මංගල ජාත්‍යන්තර තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි විය.

ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායම නියෝජනය කරමින් විශ්ව පසුගිය ඔක්තෝබර් මාසයේ නවසීලන්ත ඒ කණ්ඩායම සමඟ පැවැති නිලනොවන ටෙස්ට් තරගාවලියේදී දෙවැනි වැඩිම කඩුලු ලාභියා බවට පත්විය.

2014/15 පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගමාලාවට අදාළව තරග 9කට සහභාගි වී කඩුලු 40ක් දවාගැනීමට සමත්ව තිබුණේ ලකුණු 21.97 ක කඩුලු දවාගැනීමේ සාමාන්‍යයක් රඳවාගනිමිනි.

Related posts

Comments are closed.

Top