ප්‍රේමලාල් ජයසේකර ට ඇප

premalal-jayasekara

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇප මත නිදහස් කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

මන්ත්‍රීවරයාගේ නීතිඥයන් ගොනුකල අභියාචනයක් සැලකිල්ලට ගනිමින් රුපියල් ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප දෙකක් සහ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත ඔහු නිදහස් කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර ඇත.

අභියාචනාධිකරණ නියෝගය පිළිබඳ මෝසමක් මගින් ලබන බදාදා (09) පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුට ඇප මත නිදහස් වීමට හැකිවනු ඇතැයි මන්ත්‍රීවරයාගේ සමීපතමයෙකු ‘ගගන’ ට ප්‍රකාශ කළේය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ රත්නපුර කහවත්ත ප්‍රදේශයේ මැතිවරණ වේදිකාවක් ඉදි කරමින් සිටි පිරිසකට වෙඩි තැබීම මන්ත්‍රීවරයාට එරෙහි චෝදනාවයි.

වෙඩි තැබීමට අදාළව පසුගිය ජනවාරි මාසෙය්දී ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගැනුණි.

මෙම සිද්ධියේ දී එක් පුද්ගලයකු මරණයට පත්වු අතර තවත් කිහිප දෙනෙකු තුවාල ලැබිය.

Related posts

Comments are closed.

Top