දොළොස් වැනිදාට වැහුම් අරින ‘ඉතා කෙටි කලබල සිහින‘

Book cover

අද්‍යතන සිංහල කවිය අන්තර්ජාලය සහ සමාජ ජාල හරහා අලුත් ඉසව්වක් වෙත රැගෙන ගිය තරුණ කිවිඳියක වන යශෝධා සම්මානි ප්‍රේමරත්නගේ කුළුඳුල් කාව්‍ය ග්‍රන්ථය “ඉතා කෙටි කලබල සිහින” ජනගත කිරීමේ සහෘද සම්භාෂණය 2015, දෙසැම්බර් මස 12 වැනිදා සෙනසුරාදා පස්වරු 3ට කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

ඇය, ‘බස්සී‘ යන අන්වර්ථනාමයෙන් කාලයක් පුරා පද්‍ය මෙන්ම ගද්‍ය නිර්මාණකරණයේද නියැලුණු අතර ඇගේ බ්ලොග් අඩවිය වූ ‘බස්සිගේ නවාතැන අන්තර්ජාලයේ සිංහල ප්‍රජාව අතර අතිශයින් ජනප්‍රිය නිර්මා‍ණ අවකාශයක් විය. තමන්ගේ භාවිතය ගැන යශෝධා සම්මානි ‘ගගන’ ට මෙසේ කියා සිටියා ය.

 

Yashodaමම කවිය දකින්නේ අපි අහනදකිනවිඳින දේ එලියට දාන්න පුලුවන් විස්ම මාධ්‍යයක් විදියට. ඉතා දීර්ඝ කතාන්දරයක් නියපොත්තක් උඩට හකුළුවන්නත්වැහි බිංදුවක් තරමේ පොඩි දෙයක් දිය ඇල්ලක් තරම් හැඩට දිග අරින්නත් කවියට පුළුවනි.‍‍‘‘

 

ඇගේ කාව්‍ය අර්ථකථනය ඇගේ කවි මෙන්ම අපූර්ව බැවින් ඒ අමුතු කවි ගැන ‘ගගන‘ ඇසූ ප්‍රශ්නයට ඇය මෙසේ පිළිතුරු දුන්නා ය. 

 

‘‘මගේ කවි ටිකක් විතර අමුතුයි කියලා ගොඩක් අය කියනවා. එහෙම වෙන්නේ මම යමක් දකින සහ විඳින විකාරරූපී ස්වභාවය නිසා වෙන්නත් ඕනෙ. කොයිතරම් ආටෝප තවරලා වසංගන්න හැදුවත් අපේ මේ ජීවිත එකම විකාරයක්නෙ. නැද්දඉතින් මම කරන්නේ මේ අමුතු ජීවිත හැඩතල ගැන අමුතු ස්වරයෙන්ම ලියා තබන එකයි.”

 

යශෝධා සිය අන්තර්ජාල ඇරියුමේ මේසේ සහෘදයන් අමතා ඇත.

 

මං බස්සි
බොහොම නිස්සද්ද බස්සි.
ඒ නිස්සද්දකම නිසාම

හීන දාස් ගානක්

මගෙ වම් පෙණැහැල්ල ඇතුළෙ

පෙරලි කරනවා.

ඒ හීන අගිස්සෙන්

හැමදාම අලුත් අත්තටු දලුදානවා.

ඉතින්,
මම ඒවා පොතකට එකතුකළා.
“ඉතා කෙටි කලබල සිහින”

 

‘ඉතා කෙටි කලබල සිහින‘ කාව්‍ය සම්භාෂණයේ දෙසුම් පවත්වනු ලබන්නේ ප්‍රකට කවියන් තිදෙනකු වන හෂිත අබේවර්ධන, අනුරසිරි හෙට්ටිගේ සහ සෞම්‍ය සඳරුවන් ලියනගේ විසිනි.

මෙම කෘතිය කර්තෘ ප්‍රකාශනයකි.

Related posts

Comments are closed.

Top