2015 ‘අසාමාන්‍ය ලෙස පිරිසිදු’ මැතිවරණයක් වීම ගැන ‘විමතිය’

පහළොස් වැනි වතාවටත් තම පාලකයන් තෝරා ගැනීමට ශ්‍රී ලංකාවේ ඡන්දදායකයා සඳුදා ඡන්ද පොලට යාමට සැරසෙද්දී, දේශීය මෙන්ම යුරෝපා සංගම්, පොදුරාජ්‍ය මණ්ඩල සහ ආසියානු මැතිවරණ නිරීක්ෂකයන්  ඇතුළු ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන් ද පවසා ඇත්තේ මෙවර මැතිවරණය ‘ අසාමාන්‍ය ලෙස පිරිසිදු,’ එකක් වීම විමතියට හේතුවක් බවයි.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV) ප්‍රකාශ කරන්නේ මෙවර පුර්ව මැතිවරණ සමය අතීතය හා සසඳද්දී සාපේක්ෂ වශයෙන් අඩු ප්‍රචණ්ඩතාවකින් යුතු බවයි.

අගෝස්තු 16 දායින් හමාරවූ කාලය තුල ලැබුණු පැමිණිලි 856 අතරින් 146 ක් බරපතල ප්‍රචණ්ඩ ක්‍රියා බව CMEV පවසයි. ඒ අතරින් පහක්  මිනීමැරුම් ය. වැඩිම බරපතල සිද්ධි සංඛ්‍යාව වාර්තා වෙන්නේ බස්නාහිර පළාතෙනි. බරපතල සිද්ධීන් සම්බන්ධයෙන් වැඩිම චෝදනා ලබා සිටින්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයයි. දෙවැනි තැන සිටින්නේ එක්සත් ජාතික පක්ෂයයි.

දේශීය මෙන්ම යුරෝපා සංගම්, පොදුරාජ්‍ය මණ්ඩල සහ ආසියානු මැතිවරණ නිරීක්ෂකයන්  ඇතුළු  ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන් ද පවසා ඇත්තේ මෙවර මැතිවරණය ‘ අසාමාන්‍ය ලෙස පිරිසිදු,’ එකක් බවයි.

ජාත්‍යන්තර පරීක්ෂණයක් 

mahinda ranil

ජගත් මානව හිමිකම් මණ්ඩලය හමුවේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විමර්ශන වාර්තාව එලි දැක්වීමට සති කිහිපයක් තිබියදී පවත්වනු ලබන මහ මැතිවරණයේදී උතුරේ සියලුම දෙමළ දේශපාලන පක්ෂ ඉල්ලා ඇත්තේ යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලෙසයි.

කෙසේ වෙතත්, එම ඉල්ලීම සිංහල බහුතර නායකත්වයකින් යුත් ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් තම මැතිවරණ වේදිකාවේදී ප්‍රතික්ෂේප  කොට තිබේ. ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයට විසඳීමක් ලෙසින් එක්සත් ලංකාවක් තුල සප්‍රමාණවත් බලය බෙදීමක් සියලුම උතුරේ දේශපාලන පක්ෂ විසින් ඉල්ලා සිටියත්, දකුණේ ප්‍රධාන පක්ෂ තම මැතිවරණ ව්‍යාපාර ගෙනගියේ ඒකීය රාජ්‍ය ව්‍යුහය රකින බවට පොරොන්දු වෙමිනි.

ජනවාරි අට 

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘ජනවාරි අටවැනිදා ජනවරම’ පෙරට ගෙන යා හැකි පාර්ලිමේන්තුවක් තමන්ට  ලබා දෙන ලෙසයි.

mahindaමැතිවරණ නීති කඩන අයට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස තමන් උපදෙස් දී ඇති බව කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසයි. පොලිස්පති එන් කේ ඉලංගකෝන් ප්‍රකාශ කළේ නීතිය රැකීම සඳහා 63,000 ක පොලිස් බලකායක් රට පුරා යොදවා ඇති බවයි.

මැතිවරණය නිදහස් හා සාධාරණ අයුරින් පැවැත්වීමට තම දෙපාර්තමේන්තුව සියලු පියවර ගෙන ඇති බව පවසන මැතිවරණ කොමසාරිස්වරයා අවසාන ප්‍රතිපලය 18 වැනිදා දහවල් 12 වන විටත් දීමට හැකිවේ ද යන්න පිළිබඳව සැක පහල කරයි. ඡන්දදායකයන් විශාල සංඛ්‍යාවක් ඉන්නා කොළඹ හා ගම්පහ වැනි විශාල දිස්ත්‍රික්කවල මනාප ප්‍රතිඵල පමාවීම ඊට හේතු විය හැකි බව ඔහුගේ අදහසයි.

ඡන්දය පාවිච්චි කිරීම අත්‍යවශ්‍ය බව පවසන නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන ව්‍යාපාරය (CaFFE) එසේ නොකිරීමෙන් ඡන්දදායකයාට අප්‍රිය  අපේක්ෂකයන් මන්ත්‍රීවරුන් වීමේ අවදානමක් ඇති බවට අනතුරු අඟවයි.

Related posts

Comments are closed.

Top